ලෝක සරසවි කෙළි උළෙල ඇරඹේ
ක්‍රීඩා දක්ෂතා ඇති සරසවි සිසුන්ගේ ක්‍රසලතා ඇගයීමට සහ ඒවා ප්‍රදර්ශනයට අවකාශ සළසන ජගත් සරසවි ක්‍රීඩා උළෙල චීනයේ සෙන්ෂෙන් හී දී අගෝස්තු 12 දා ඇරඹුණා.23 දා අවසන් වන මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව් 24 ක් අයත් වෙනවා.
ශ්‍රීලංකාවේරුහුණ,සබරගමුව,රජරට,කැළණිය,ජ’පුර,මොරටුව,කොළඹ,තාක්ෂණ විශ්ව විද්‍යාලය ආදි විශ්ව විද්‍යාලවලින් බිහි වූ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවක් 55 ක් මලල ක්‍රීඩා,ටෙනිස්,මේස පන්දු,චෙස්,ටයිකොන්ඩෝ,බැඩ්මින්ටන් ආදි ක්‍රීඩා රැසක් නියෝජනය කරමින් මෙම තරගාවලියට එක් වී සිටිති.
නමුත් විදේශ රටවල ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ට මෙම ක්‍රීඩා උළෙලේ දී තම මව් බිම නියෝජනය කරන්නට අවස්ථාව සැළසී ඇතත් විදේශ සරසවි වල වෙසෙන ශ්‍රී ලාංකික සරසවි සිසුන් පිළිබදව ලාංකේය විශ්ව විද්‍යාල ක්‍රීඩා පරිපාලකයන් ගේ අවධානය යොමු වී නැත.වර්ථමාන අමාත්‍යවරයා ද ක්‍රීඩාවට ඇල්මක් ඇති සහ ශ්‍රී ලංකාවේ කීර්තිය උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මීට වඩා උසස් බිමක ප්‍රහුණුව සහ දැණුම ලැබිය යුතු බව විශ්වාස කරන අයෙක් බැවින් ඉදිරියේ දී හෝ මේ තත්ත්වය වෙනස් කර විදේශයන් හී ඉගෙනුම ලබන ක්‍රීඩා දක්ෂතා ඇති ලාංකේය සරසවි සිසුන්ගේ දක්ෂතා ශ්‍රී ලංකාවේ කීර්තිය උදෙසා යොදා ගැනීමට හැකි පසුබිමක් සකස් කිරීමට කටයුතු කරනු ඇතැයි සුපිරික්‍රීඩා විශ්වාස කරන්නෙමු.
http://match.sz2011.org/index_
